Add

 React native sinhala tutorial - 2



ඉතින් කට්ටියම දැන් react native project එක create කරල ඒකේ dependency  ඔක්කොම වගේ create කරගෙනෙ ඉන්නේ. ඉතින් ඔය  react native project එකේ app.js file එක තමයි අපි දැන් edit කරන්න යන්නේ .
React native logo




View tag



ඉතින් මේකේ app function එක ඇතුලෙ තමයි අපි code කරන්නේ. Navigation කරනකොට වගේ අපි අවශයනම් තවත් .js file create කරගන්නවා. මෙනමේ  app function එක ඇතුලේ <view> </view> කියන tags ඇතුලෙ තමයි අපේ code එක write  කරන්න ඕනේ. තවද HTML එක වගේ මේකෙත් css කරන්න පුලුවන් inline css හා internal css කියන 2කම මෙතනදි යොදාගන්න පුලුවන්.
App.js 



ඉතින් basic කරුණු ඔක්කොම අපි discuss කරල ඉවරයි දැන් බලමු කොහොමද අපි අපේ react native project එක run කරන්නේ කියල. මුලින්ම ඔයාල ඔයාලගේ code editor  එක open කරන්න ඕනේ . ඊට පස්සේ ඒකෙ new terminal එකක් open කරල ඒකෙ npm start කියන command එක type කරල run කරන්න ඕනේ. ඊට පස්සේ අපට අවශ්‍ය නම් ios හෝ android emulator හා web වලින් open කිරීමේ හැකියාව පවතිනවා.


ඔයාට terminal එකක්  open කිරීමේ හැකියාව නොමැතිනම් මෙය command prompt  එකෙනුත් කිරීමේ හැකියාව පවතිනවා. එතනදී project එකේ file එක තුල command prompt  එක විවෘත කර ඒ තුල npm start කියන command එක run කරන්න.
Inline CSS



Internal CSS


හුගක් අය මුහුණ දීපු ප්‍රශ්නයක් තමයි මේ navigation වෙන්නැති එක. ඒකට expo snack කැමතිනම් පාවිච්චි කරන්න පුලුවන් . මේකට node js version එක හා npm version  බලපානවා. සමහර dependency  මේ version  සදහා ගැලපෙන්නෑ . ඉතින් ඔයාලට සුදුසු dependency  install කරන්න කියල ඇතැම් විට project එක run කරන කොට පෙන්නනවා . ඒ install කරත් ඇතැම් විට ඒවා හරියට active වෙන්නැති අවස්තා බොහෝමයක් මුණ ගැහෙනවා . ඉතින් මේ අවස්‍තා වලදි අපට snack කියන එක පාවිච්චි කිරීමට හැකියාව පවතිනවා. 









Post a Comment

أحدث أقدم