React native
ඔන්න අද article එකෙන් මන් කථා කරන්නේ react native ගැන. React native කියන්නේ open source UI (User Interface) software framework එකක් Meta ( Facebook ) ආයතනය විසින් නිර්මානය කරපු. මේක දැනට Android , Android TV , IOS , macOS , tvOS , Web , Windows හා UWP යන යෙදෙවුම් සංවර්ධනයට බහුලවම යොදාගනී.
කොහොමද react native අපේ පරිඝණකයට install කරගන්නේ.
ඔයාල දන්නව react native එකේ expo cli හා react native cli කියල setup environment 2ක් තියනවා. මේ series එකේ මන් කථා කරන්නේ expo cli ගැන. දැන් බලමු අපි කොහොමද react native framework එක අපේ පරිඝනකයට install කරන්නෙ කියලා. මේකට කලින් ඔයාල ඔයාලගෙ පරිඝනකයට Nodejs software එක install කරගන්න ඕනේ. ඊට පස්සෙ power shell එක හරි command prompt එක හරි open කරල expo install කරගන්න ඕනේ. ඒකට npm install -g expo-cli type කරල run කරන්න.
ඊට පස්සෙ අපේ project එක create කරමු. ඒකට command prompt එකේ හරි power shell එකේ හරි expo init (project name ) එක type කරල run කරන්න .
ඊට පස්සෙ ඒකට අවශ්‍ය dependency create වෙලා project එක නිර්මාණය වෙනවා. ඊටපස්සේ ඒක open කරල visual studio code එකෙන් coding කරන්න පටන් ගන්න ඕනේ. ඒටික වෙනම article එකකින් ගේනන්නම්.
Great article brother
ردحذفThank for your comment
حذفإرسال تعليق